සියළු පාසල් සඳුදා සිට ඇරඹෙයි

සියළු පාසල් සඳුදා සිට ඇරඹෙයි

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ,ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලබා දී ඇති බවයි.

නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනිදායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

COMMENTS