භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ භාණ්ඩ වර්ග 286ක ආනයන සිමා ලිහිල් කෙරෙන බවයි.
ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක ආනයන සීමා ලිහිල් කරමින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජූනි මස 09 වැනිදා සිට බලාත්මක වන පරිදියි.
එලෙස සීමා ලිහිල් කළ ආහාර වර්ග අතරට ඇතැම් යෝගට් වර්ග, මුදවපු කිරි සහ එළවළු යුෂ වර්ගද ඇතුළත්.
ඉදිකිරීම් කේෂ්ත්‍රෙය් අමුද්‍රවය අතර නාන කාමර කට්ටල හා ඊට අදාළ ඉදිකිරීම් අමුද්‍රව්‍යවල පැවති ආනයන සීමා ලිහිල් කර තිබෙනවා.
ඊට අමතරව ඇතැම් දැවමය අමුද්‍රවයද එලෙස සීමා ලිහිල් කළ භාණ්ඩ අතරට අයත්.
එමෙන්ම විදුලි උදුන් වර්ග, හීටර් ඇතුළු උපකරණ සදහාද පනවා තිබු ආනයනික සීමා ලිහිල් කර තිබෙනවා.

