ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට

ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට

තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා විශ්වවිද්‍යාල දක්වන කාර්ය සාධන ඇගයීම් පදනම් කරගත් විශ්වවිද්‍යාල වර්ගීකරණයෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණ තිබෙනවා.

ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම අනුව ඵලදායිතාව පිළිබදව 5 වන අදියරේ වාර්තාවට අනුවයි කොළඹ විශ්වවිද්‍යාලය මෙසේ ඉදිරියට පැමිණ තිබෙන්නේ. පසුගිය වසරේ ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණයේ 601 -800 කාණ්ඩයේ ස්ථානයක් හිමිකරගෙන සිටි කොළඹ විශ්වවිද්‍යාලය මෙවර 401 – 600 කාණ්ඩයට පැමිණ තිබෙනවා. මෙම වසරේ සමස්ත ශ්‍රේණිගත කිරීම සදහා රටවල් හා කලාප 112 කින් විශ්වවිද්‍යාල 1591 ක් ඇතුළත් වුණා. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාතර කර ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය දක්වන කාර්ය සාධනය මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

පසුගිය වසර කිහිපයේ පර්යේෂණ, ඉගැන්විම්, ප්‍රජාමූලික අභිවෘද්ධිය හා සෙසු ක්ෂේත්‍රවල දැක් වූ ක්‍රමික වර්ධනය මේ තුලින් පිළිබිඹු කෙරෙනවා.