නව පාසල් වාරය අද සිට ඇරඹේ

නව පාසල් වාරය අද සිට ඇරඹේ

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වෙනවා.

මෙම පාසල් සඳහා නිවාඩු දෙනු ලැබුවේ පසුගිය මැයි මස 26 වන දිනයි.

ඒ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන්.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දක්වා පැසල් පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් සකස් කළ නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙහිදී පළමු වරට ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන ද මෙවර චක්‍ර ලේඛයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS