“INTERPOL” රතු නිවේදන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 07ක්

INTERPOL හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පලාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකික පලාගිය පුද්ගලයන් හත් දෙනෙකු සිටින බව සඳහන් වෙනවා.
එම හත් දෙනාගෙන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ශ්‍රී ලංකාවේ ‘අවශ්‍ය’ ලෙස ලැයිස්තුගත කර ඇති අතර අනෙක් ශ්‍රී ලාංකික පලාගිය තිදෙනාට රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඔවුන් තම ප්‍රදේශවල සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත යි.
රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත් වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව සිටින පුද්ගලයෙකු සොයා ගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කරන ඉල්ලීමකි.
ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු, සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී, නඩරාජා සිවරාජා, මුනිසාමි තර්මසීලන් සහ වික්නරාසා සෙල්වන්තන් යන සැකකරුවන් ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව සිටින පුද්ගලයන් වෙනවා.
මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර තිබෙනව අතර තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සහ සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

