මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නෑ – ඇමති බන්දුල

විකාශන අධිකාරි පනත මූලික කරගෙන මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමාට විකාශන අයිතියක් අවලංගු කිරීමට හෝ අලුතින් විකාශන බලපත්‍රයක් ලබා දීමට තනි බලයක් තිබුණද එවැනි ක්‍රියාවක් තමන් කිසිදු විටෙක සිදු කර නොමැති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට නම් යම්කිසි ක්‍රමවේදයක්, පිරිවිතරයක් හෝ අන්තර්ජාතික ක්‍රමවේදයට අනුව සකස් කිරීමේ අවශ්‍යතාව ගැනද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.
විකාශන අධිකාරි පනත පිළිබඳ අදහස එක් වරම ඇති වූ එකක් නොවන බවත් මින් පෙර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව සිටි චරිත හේරත් මහතා සිටි අවධියේ පටන්ම සාකච්ඡාවට නැගෙමින් තිබූ බව සඳහන්.
ඒ අනුව දැනට කෙටුම්පත් කර ඇති මෙම පනත පිළිබඳව යම් අදහසක් ඇති නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි අතර ඒ් වෙනුවෙන් නීතිමය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

