හෙට සිට යුරියා පොහොර මිල පහළට

හෙට සිට යුරියා පොහොර මිල පහළට

යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල හෙට (15) සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ.

යුරියා පොහොර සම්බන්ධව වෙළෙඳ පොළ මිල සැළකිල්ලට ගනිමින් මිල අඩු කිරීමේ තීරණය ඒ සඳහා පත් කළ මිල කමිටුව විසින් තීරණය කළ යුතුයැයි අමාත්‍ය මණ්ඩල නිර්දේශ කර ඇත.

ඒ අනුව මිල කමිටුව ඊයේ දින තුළ වහාම රැස්වී පොහොර මිල අඩු කිරීම සම්බන්ධව තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එම තීරණය පරිදි අනිද්දා සිට යුරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කෙරෙනු ඇත. දැනට වෙළෙද පොළෙහි යුරියා පොහොර මිටියක මිල රුපියල් 10,000ක් වශයෙන් පවතී.

මේ අතර කොළඹ වරායට පැමිණ ඇති යුරියා පොහොර නෞකාවේ අඩංගු පොහොර පොලොන්නරුව ඇතුළු සියලු දිස්ත්‍රික්ක වෙත යැවීමට ඊයේ රාත්‍රියේ සිටම පියවර ගත් බව ද හෙතෙම පැවසීය.