සමේ පිලිකාවල වර්ධනයක්

මෙරට තුළ මෑත කාලීනව සමේ රෝග වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අංශ පෙන්වාදී තිබේ.
සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ, බොහෝදෙනා සම සුදු පැහැ ගැන්වීම සඳහා නිසි විමසාබැලීමකින් තොරව භාවිතයට ගන්නා ඇතැම් ආලේපන ද ඊට හේතුවී ඇති බවය.
එවන් පසුබිමක,මෙරට සමෙහි පිළිකා රෝගීන්ගේ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අංශ පවසති.
ඕනෑම පුද්ගලයෙකුගේ සමේ වර්ණය තීරණය වන්නේ මෙලනීන් නමැති වර්ණකය අනුවය.
හිරු එළියෙන් නිකුත් වන පාරජම්බුල කිරණවලින් සහ බාහිර ලෙඩ රෝගවලින් සම ආරක්ෂා කිරීමට මෙලනින් වර්ණකය උපකාරී වෙයි.
මෙලනීන් මඟින් සැපයෙන ආරක්ෂාව අහිමිවීමෙන් පහසුවෙන්ම රෝගාබාධවලට ගොදුරු වන අතර එමගින් සමෙහි පිළිකා ද ඇති වීමේ අවදානම ඉහළ යයි.
මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට භාවිතයට ගන්නා ඇතැම් ඖෂධ සහ ආලේපන ආදියද සමෙහි පිළිකා ඇතිවීමට බලපා ඇති බව වෛද්‍යවරුන් පවසයි.

