තවදුරටත් රජයට ජනතාවට බොරු කරන්න ඉඩ දෙන් නෑ – සජිත් ප්‍රේමදාස

රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස මුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වුවත් වර්තමාන රජය පමා වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට හානිදායක, ජනතාවට වින කරන දුර්වල ගිවිසුමකට අත්සන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජය නොහැකියාවෙන් පෙළෙන රජයක් බවත් ඔවුන්ගේ අමනෝඥ, අකාර්යක්ෂම වැඩපිළිවෙළක් තුළ රටත් රටේ ජනතාවත් අනතුරට පත් කරන ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කිරිම තුළ රටේ ජනතාවට තවදුරටත් අන්ත අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පළමු කාර්තුවේ ආර්ථිකය සංකෝචනය වුණු රජයේ ම සංඛ්‍යා ලේඛන දෙස බලන විට එය මනාව පැහැදිලි වන බවත් රජය සෑම විටම සිදු කරන්නේ රටේ ජනතාවගෙන් තොරතුරු වසන් කිරීම බවත් ඊට අමතරව රටේ ප්‍රශ්න විසඳනවා කියා රජය සිදු කර සිටියේ රට බංකොලොත් කළ හොරු රකිමින් හොරුන්ට සුරසැප ලබා දෙමින් තමන්ද සුරසැප විඳිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අසාර්ථක ගිවිසුමක් ඇති කර ගැනීම බවත් එහි ප්‍රතිඵල මේ වන විට ජනතාව භුක්ති විදිමන් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවදුරටත් රජයට ජනතාවට බොරු කිරීමට අවස්ථාව ලබා නොදී මේ බොරු සහ රැවටිලි සියල්ල හෙළිදරව් කරන බව යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව රැස් වූ අවස්ථාවේ දීය.

