විපක්ෂයේ පක්ෂ එක්ව සජිතේ ප්‍රධානත්වයෙන් සන්ධානයක්

රට ගොඩගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ එක්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බවත්, ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට එම සන්ධානයෙන් ඉදිරිපත් වන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
ඒ සඳහා වන සාකච්ඡා විපක්ෂයේ දේශපාලන පක්ෂ සමහ ප්‍රසිද්ධව සහ අප්රසිද්ධව සිදු කෙරෙමින් පවතින බව ඊයේ (15දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල,
“රට ගොඩදාන්න අපි සන්ධානයක් හදාගෙන යනවා. දැනටමත් සාකච්ඡා සාර්තකයි. විපක්ෂයේ ඉන්න සියලු පක්ෂ අපිත් සමග සාකච්ඡා කරනවා. විපක්ෂ සන්ධානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන්න. අපි සෑම සඳුදාම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම හමුවෙනවා.
සමහර අය සමග අපි ප්‍රසිද්ධියේ සාකච්ඡා කරනවා. සමහර අය සමග අපි අප්රසිද්ධව සාකච්ඡා කරනවා. ඉදිරියේදී මොන මැතිවරණය ආවත් විපක්ෂයේ දැවැන්ත සන්ධානයක් හදන බව අපි මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.” යනුවෙන්

