වාහන ආනයනයට මේ මොහොතේ අවසර ලබා දිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

වාහන ආනයනයට මේ මොහොතේ අවසර ලබා දිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (16) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ,

“අද ඩොලරයේ මිල තීරණය වන්නේ ඊට ඇති ඉල්ලුම සැපයුම මතයි. නමුත් මීට පෙර අපි සතුව තිබුණ සංචිත මුදා හරිමින් ඩොලරය පාලනය කිරීමට උත්සාහ කළා. අද ඉල්ලුම සහ සැපයුම මත ඩොලරයේ අගය තීරණය කරල තියෙනවා. රුපියල් 360ට ඉහළ ගිය ඩොලරයේ අගය පහළ බැස්සේ ඩොලර් ලැබෙන මාර්ග වර්ධනය වුණ නිසයි. සංචාරක කර්මාන්තය වර්ධනය වුණා. විදේශයන්වල සිටින අපේ සහෝදරයන් එවන ප්‍රේෂණ වැඩි වුණා. ඒ වගේම ඩොලර් පිටතට ඇදී යන ආනයනයන් සීමා කළා.

නමුත් පහුගිය සතියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් මිල දී ගන්න ඩොලර් මිලියන 75ක් 80ක් පමණ අවශ්‍ය වුණා. මෙම මුදල මහ බැංකුව මිල දී ගත්ත නිසා ඩොලරයේ අගය යළිත් ඉහළ යාමේ තත්ත්වයත් උදා වුණා. ඒ වෙලාවෙ ඩොලර් මඟින් ආයෝජනය කරන පාර්ශ්ව ඩොලරය ඉහළ යයි කියන අපේක්ෂාව මත ඒවා මිල දී ගත්තා.

ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ. මේක සාමාන්‍ය තත්ත්වයක්.” යනුවෙන්.

රථ වාහන ආනයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ රට පවතින තත්ත්වය හමුවේ එය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු තත්ත්වයක් බවයි.

තෙල් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 80ක් වෙන් කළ විට ද එය ඩොලරයේ අගය කෙරෙහි බලපෑමක් ඇති කළේ නම් රථ වාහන ආනයනය වැනි ඩොලර් විශාල ප්‍රමාණයක් වැය වන කරුණක් පිළිබඳ සලකා බැලීම දැඩි අධ්‍යයනයෙන් යුතුව කළ යුතු බවයි.

එබැවින් මේ අවස්ථාවේදී රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දිය නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම ආයතන දෙක මගින් ඉටුවන සේවාවන් වෙනත් රජයේ ආයතන මගින් සිදුවන බැවින් එම කරුණු සළකා විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු වසා දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළා.

COMMENTS