ඩෙංගු බෝ කරන ඉඩම් පවරා ගැනීමේ සූදානමක්

ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ මහතා පවසයි.
ඉහළ යන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයට පමණක් අදාළ වන විශේෂ හදිසි ඇමතුම් අංකයක් ද හඳුන්වා දීම ඊයේ (17) සිදුකෙරුණි.
එම අවස්ථාවට එක්වෙමින් ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ,
“එම දුරකථන අංකය හරහා පැය 24ක් තුළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වෙලාවේ විසඳුම් දෙන්න පුළුවන් ඒවට විසඳුම් දෙනවා. ඇතැම් ගැටලුවලට දින 3ක නිවේදනයක් දෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දුරකථනයට ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව විශ්වාසවන්තභාවය 100%ක් රැකෙනවා. ඩෙංගු බෝ වෙන අතහැර දාපු ඉඩම් තියෙනවා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය ආනරක්ෂිත ඉඩමක් කියලා දැනුම් දුන්නොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරනවා.” යනුවෙන්

