ශ්‍රී ලංකාවේ ගුවන් සේවා වීඩියෝව ලොව පළමු තැන ගනී

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) ‘Women in Aviation Multimedia Engagement Contest’ විසින් සංවිධානය කරන ලද ගුවන් සේවා බහුමාධ්‍ය සහභාගීත්ව තරඟාවලියේ කාන්තා තරඟාවලිය ජයගැනීමට ශ්‍රී ලාංකික දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.
ප්‍රංශය, පිලිපීනය, ආර්ජන්ටිනාව, ඇමරිකා එක්සත් ජනපදය, තුර්කිය, ස්ලෝවේනියාව, අයර්ලන්තය, සර්බියාව, කෙන්යාව, කැනඩාව සහ සීෂෙල්ස් යන රටවලින් පැමිණි තෝරාගත් තරඟකාරී නිර්මාණ12 දෙනෙකුගේ අභියෝග සමරජීව ජයගත්තේ අන්තර්ජාලය හරහා සිදු කළ තේරීම් ක්රියාවලියකදීය.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Aviation Voice නිර්මාතෘ දේව් කව්සල සමරජීව විසින් නිර්මාණය කළ වීඩියෝව වැඩිම
ජනතා ප්‍රතිචාර (මනාප 28,000ක්) හිමි වූ අතර පිළිවෙලින් දෙවන ස්ථානය ආර්ජන්ටිනාව (මනාප 4,800ක්) සහ තුර්කිය තෙවැනි ස්ථාන දිනා ගත්හ.
මෙම නිර්මාණය ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලොව ප්රමුඛ පෙළේ ගුවන්සේවා සමුළුවක් වන ICAO Global Aviation Gender Summit 2023 හිදී 2023 ජූලි මස 05දා විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතය.

