කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් අද සිට ධාවනයේ

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් අද සිට ධාවනයේ

කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය අද (19) සිට ආරම්භ වෙයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ, නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේ ය.