ඉදිරි සති කිහිපය තුළ භාණ්ඩ කිහිපයකට පාලන මිලක්

ඉදිරි සති කිහිපය තුළ භාණ්ඩ කිහිපයකට පාලන මිලක්

උද්ධමනය පහළ ගියද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

‘ස්ථාවර රටකට සැවොම එකමඟකට’ මැයෙන් රජය මගින් පවත්වන මාධ්‍ය හමුවට ඊයේ (22) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ඒ කියන්නේ ඉදිරි සති කිහිපය තුළ පාලන මිලවල් එන්න පුළුවන්. ගැසට් නිවේදන එන්න පුළුවන්. එක්කෝ තරගයට ලෑස්ති වෙන්න.. නැත්තම් මිල අඩු කරන්න”

මේ අතර, පසුගියදා ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ කිහිපයක් යළි ආනයනයට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණ ද ටයිල් ආනයනයට එමගින් අවසර ලබාදී නැතැයි ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා”

“ලැබෙන ඩොලර් ටිකෙන් ජෝගි දාලා හරියන්නේ නැහැ. ටයිලුයි සනීපාරක්ෂක කට්ටලයි අල්ලලා. ඒවා දෙනකමන් ණය ගෙවන විදියකුත් හදාගන්න ඕනේ. ගැසට් එකේ ඒක තිබ්බේ නැහැ.” යනුවෙන්