ප්‍රතික්‍රියක නැතිව කෑමවල තත්ත්වය පරීක්ෂාවත් නවතින ලකුණු

ප්‍රතික්‍රියක නැතිව කෑමවල තත්ත්වය පරීක්ෂාවත් නවතින ලකුණු

පුද්ගලයන් ආහාර විෂවී මියගිය විට එම අදාළ ආහාර ගැන සෙවීමට රසායනාගාරවලට පහසුකම් නැති නිසා එම පරීක්‍ෂණ කටයුතු නවතා දමා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

ආහාර තත්ත්ව පාලන රසායනාගාර රැසකටම අවශ්‍ය ප්‍රතික්‍රීයක සහ අදාළ අනෙකුත් පහසුකම් නොමැතිවීම නිසා පරිභෝජනය සඳහා මුදාහරින ආහාර පිළිබඳ පරීක්ෂාවන් රැසක්ද අඩාලවී තිබෙන බවද කුමුදේශ් මහතා කීය.

ඖෂධ මෙන්ම ආහාර පිළිබඳ සම්පූර්ණ පරික්‍ෂාවන් සිදු කිරීමට අදාළ විශ්ලේෂණ රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකර ඇති තත්ත්වයක් යටතේ පවා එම පරික්‍ෂාවන් අහඹු ලෙස සහ සැක කටයුතු අවස්ථාවන්හිදී සිදු කිරීමට රටේ ආහාර විශ්ලේෂණ රසායනාගාර කිහිපයක් පළාත් වශයෙන් සහ මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන බවද හෙතෙම කීය. එහෙත් දැනට එම රසායනාගාරවලටද අවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන් පරීක්‍ෂණ කටයුතු නවතා දමා ඇති බවද ඔහු කීය.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව සිදුකරන වැටලීම් පවා නිශ්ඵල ක්‍රියාවක් බවට පත්විය හැකි බව ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS