අස්වැසුමට අභියාචනා භාරගැනීම අදින් අවසන්

අස්වැසුමට අභියාචනා භාරගැනීම අදින් අවසන්

අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් (10) අවසන් වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, මේ වනවිට අභියාචනා 825,000 කට වැඩි ප්‍රමාණයක් දී ඇති බවයි.

මේ අතර, ලබන මස මුල සිට අස්වැසුම වැඩසටහන සඳහා යළි අයැදුම්පත් කැඳවබව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ , මග හැරී ඇති පුද්ගලයින්ට එහිදී යළි අයැදුම් කළ හැකි බවයි.

COMMENTS