උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මැද

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මැද

උසස් පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මාසයේ මැද භාගයේ දී නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු අගෝස්තු මස මුල් භාගයේ දී අවසන් කරන බවත් ඉන්පසුව ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (10) පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පැවැත්වීමට සිදුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවේය.

“අගෝස්තු මාසයේ මැද භාගය වනවිට උත්තරපත්‍ර සම්පුර්ණ සමීක්ෂණය කරලා ප්‍රතිඵල නිකුත් කරන මට්ටමට ඇවිල්ලා අවසාන කරන්න පුළුවන්. අගෝස්තුවල ප්‍රතිඵල ආවට දැන් ඉඳලා සුදානම් වෙන්න පුළුවන් විභාග තියෙන වකවාණු ප්‍රකාශයට පත්කරලා තියෙනවා. නිවාඩු කාලසීමාවේ තමා විභාග පවත්වන්නේ. දින 21ක් අවශ්‍ය වනවා උසස් පෙළ විභාගය සම්පුර්ණයෙන් අවසන් කරන්න. අපේ අරමුණ තමා නත්තලට කලින් මේ විභාගය පවත්වලා අවසන් කරන්න. හැබැයි සාමාන්‍ය පෙළ දැනට පවත්වන්න වෙන්නේ මාර්තු – අප්‍රේල් වගේ. ඒකට අදාළ වාර සටහන් දැනට සකස් කරමින් යනවා.” යනුවෙන්

COMMENTS