පදවි ප්‍රාප්තියට උත්සව එපා – ජනපති

ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවි ප්‍රාප්ති උත්සවයක් සංවිධාන නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබාදී ඇත්තේ ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධාන කිරීම ගැන විවිධ පාර්ශවවලින් කෙරුණු ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්ව ලබන 20 වනදාට වසරක් සම්පූර්ණ වනවා.
2022 ජූලි මස විසිවනදා පාර්ලිමේන්තුවේ ඡන්ද 134 ක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර, එදිනට පසුදින ඔහු පාර්ලිමේන්තුවේදී අටවන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
කෙසේ වෙතත් මහජන මුදල් හෝ පෞද්ගලික මුදල් වැය කර පදවි ප්‍රාප්ති උත්සව නොපැවැත්විය යුතු බවයි ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ.
ජනාධිපතිවරයා එළඹෙන විසිවනදා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.

