සැප්තැම්බර් මුල වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත්වෙන ලකුණු

සැප්තැම්බර් මුල වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත්වෙන ලකුණු

සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට වාහන හැර දැනට ආනයනය තහනම් කර ඇති අනෙකුත් සියලු භාණ්ඩ ආනයනයට අවසර ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පැවති ඩොලර් අර්බුදය හමුවේ මීට පෙර භාණ්ඩ 1100 කට වැඩි ප්‍රමාණයක් ආනයනය තහනම් කිරීමට රජය තීරණය කළා.

කෙසේ වෙතත් අර්බුදය සමනය වීමත් සමඟ පසුගියදා භාණ්ඩ 300 ක පමණ ආනයනය සීමා ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට වාහන හැර තවදුරටත් ඉතිරිව ඇති භාණ්ඩ 900 කට ආසන්න ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට සැළසුම් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

රජය මෙම තීන්දුවට එළඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායකගේ ප්‍රධානත්වයෙන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි.