රාජ්‍ය සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

රාජ්‍ය සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇත.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනයෙන් රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.

COMMENTS