ජනපති රනිල් අනුප්‍රාප්තික ජනපති ලෙස පත්වී අදට වසරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනපති ලෙස පත්වී අදට වසරක් සපිරෙනවා.
පසුගිය වසරේ ජූලි මස විසිවනදා පාර්ලිමේන්තුවේදී ඡන්ද 134 ක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්වූ අතර, එදිනට පසුදින ඔහු පාර්ලිමේන්තුවේදී අටවන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අද දිනයේ කිසිදු උත්සවයක් සංවිධාන නොකරන ලෙසටයි ජනාධිපතිවරයා පසුගියදා දැනුම්දී තිබුණේ.
මහජන මුදල් හෝ පෞද්ගලික මුදල් වැය කර පදවි ප්‍රාප්ති උත්සව නොපැවැත්විය යුතු බවටයි ජනාධිපතිවරයා කියා සිටියේ.<br
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ නිල සංචාරයකද නිරතවීමට නියමිතයි.

