මත්පැන්වල සැර මත බදු පැනවීමට අවධානය

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මත් ද්‍රව්‍ය නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරු කිරීමට ද අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

