GSP+ සහනය වසර 4කින් දීර්ඝ කෙරේ

GSP+ සහනය වසර 4කින් දීර්ඝ කෙරේ

GSP+ යෝජනා ක්‍රමය වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර තිබෙනවා.

නව GSP+ සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සම නීති සම්පාදකයින් අතර පවතින සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කාලය දීර්ඝ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තීරුබදු පහසුකම දීර්ඝ කිරීම තුළින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් යටතේ එම බැඳීම් ඇතිව යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවට අඛණ්ඩව ප්‍රවේශය ලබා දෙන බවයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳහන් කර සිටින්නේ.

2024 – 2033 සඳහා සම්මත කිරීමට නියමිත යුරෝපා සංගම් GSP රෙගුලාසිය, 2024 ජනවාරි 01 සිට ඉදිරි වසර 10 සඳහා බලපැවැත්වෙනවා.