ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනයකින් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වූ බව සඳහන්.

