මාස 7 ක් තුළ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට

වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද ඒ අතර වන බවයි.
ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ ඖෂධ අතර දේශීයව නිෂ්පාදනය කළ ඖෂධ 6ක් වන බව ඔහු සඳහන් කළේ ය.

