ගෝඨාට පොහොර ගැන උපදෙස් දුන්නේ අරගලයේ තුන්වැනි පාර්ශවයද ? (Video)

ගෝඨාට පොහොර ගැන උපදෙස් දුන්නේ අරගලයේ තුන්වැනි පාර්ශවයද ? (Video)

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොහොර පිළිබඳව උපදෙස් දෙනු ලැබුවේ ගාලුමුවදොර අරගලය මෙහෙය වූ තුන්වන පාර්ශවය විසින් දැයි ප්‍රශ්නය තමන්ට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

එසේ නොමැති නම් වක්කඩෙන් අත හෝදපු ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රයෙකු පොහොර සහනාධාරය කපන්නේ නැති බවට තමන් විශ්වාස කරන බවද හෙතෙම කීවේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බල මණ්ඩලය අමතමිණි.

කිසියම් හේතුවක් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාබනික පොහොර වලට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වීම සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. අරගලය මෙහෙයවපු තුන්වන පාර්ශ්වය එය උපයෝගී කර ගත්තා.

මට තියෙන සැකය අරගලය මෙහෙයවූ තුන්වන පාර්ශ්වයමද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පොහොර පිළිබඳ උපදෙස් ලබාදුන්නෙ කියන එක යැයිද හෙතෙම කීවේය.

COMMENTS