අස්වැසුම ගිණුම් අරඹන්න අදත් බැංකු වැඩ

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා මේ වනවිට ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි.
ගිණුම් ආරම්භ කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතියේ බොහෝ ශාඛා අද (01) දිනයේ ද විවෘතව පවති.

