සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට ඇමති කෙහෙළිය සැරසෙයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට ඇමති කෙහෙළිය සැරසෙයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු විසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඒ සම්බන්ධයෙන් සකච්ඡාවක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳ පොළකට ඉඩ සැලසීම සඳහා NMRA සහ SLMC පනත් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ද තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, විද්‍යා විෂය ධාරාව පමණක් නොව ඕනෑම විෂය ධාරාවක් හැදෑරූ සිසුන්ට ද හෙද වෘත්තිය විවෘත කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

තවද, ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්‍ෂණ සඳහා නවීන රසායනාගාරයක් ඉදි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ දැමීමට ක්‍රියා කරන දේශපාලන අරමුණු සහිත පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති.