ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
එහි දැක්වෙන්නේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇති බවයි.
සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතේ පැවති අතර ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර පැවතියේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේය.

