උමාරා සමාව ගනී

2023 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේදී ගායනා කරන ලද ජාතික ගීය සම්බන්ධයෙන් උමාරා සිංහවංශ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ජාතික ගීය ගායනා කිරීමේදී තමන් විසින් ඇතැම් වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳව ගැටලුසගහත තත්ත්වයක් ඇති වී ඇති බව තම අවධානයට ලක් වී ඇති බව ය.
එමෙන් ම, ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථකථනයක් සැපයීමට තමන් කිසි විටෙකත් අදහස් නොකළ බව ද එහි දැක්වේ.
එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, තම ගායනය හේතුවෙන් පීඩාවට පත් වූ හෝ සිත් රිදවීමට ලක් වූ ඕනෑ ම කෙනෙකුගෙන් තමන් සමාව අයැද සිටින බව ය.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.


