ජල ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ජල ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ජල ගාස්තුව සංශෝධනය කෙරුණු අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේම රජයේ මුද්‍රනාලයට යවා තිබුණා.

මේ වන විට ජල ගාස්තු සංශෝධනය ගැන සඳහන් ගැසට් නිවේදනය නිකුත් වී තිබෙනවා.

මෙම සංශෝධනය සමෘද්ධි හා වතු නිවාසවලට බල නොපාන බවයි සඳහන් වන්නේ.

ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහතින්,

0 – 5 ඒකකයක් රු. 60
මාසික ගාස්තුව රු. 300

6 -10 ඒකකයක් රු. 80
මාසික ගාස්තුව රු. 300

11 -15 ඒකකයක් රු. 100
මාසික ගාස්තුව රු.300

16 – 20 ඒකකයක් රු. 110
මාසික ගාස්තුව රු. 400

21 – 25 ඒකකයක් රු. 130
මාසික ගාස්තුව රු. 500

ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි