ගෑස් මිලේ වෙනසක් නෑ

මිල සූත්‍රයට අනුව අද දිනයේ මිල සංශෝධනයක් සිදුකළ යුතුව ඇතත් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.
කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ ගියද මෙරට ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවත්, එමඟින් සමාගමට කිසිදු අලාභයක් සිදු නොවන බවයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.
වසරේ මේ දක්වා අවස්ථා 04 කදී ගෑස් මිල සංශෝධනය වූ අතර ඒ සෑම අවස්ථාවකදීම මිල අඩු කෙරුණා.
අවසන්වරට ගෑස් මිල පහත දමනු ලැබුවේ පසුගිය මස 04 වනදායි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩුවූ අතර මේ වන විට එම සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 2,982ටයි.
එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් අඩුවූ අතර මේ වන විට එම සිලින්ඩරය රුපියල් 1,198 කට අලෙවි වනවා.
කිලෝග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 37 කින් අඩුවී මේ වන විට අලෙවි වන්නේ රුපියල් 561ටයි.

