ඉන්දියාවෙන් රුපියල් මිලියන 450ක්

ඉන්දියානු රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ අත්තිකාරමක් ලෙස එම මූල්‍ය ප්රදානය ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් එම මූල්‍ය ප්රදානය ශ්‍රී ලංකාවට පිරිනමා ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටු රැස්වීමේදීයි.

