ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශිතව සරුංගල් යැවීම තහනම් කොට තිබෙනවා.
ගුවන්තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර 5ක සීමාවක් තුළ අඩි 300ක් ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ලවන දැඩි ජීවිත හා දේපළ අවදානමක් ගෙන දෙන කරුණක් වන බැවින් එය සපුරා තහනම් වන බවයි ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගම දන්වා ඇත්තේ.
කිසියම් පුද්ගලයකු මෙම කරුණ නොසලකා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ දැඩි දඬුවම් ලබා දිය හැකි වරදක් බව ද එම සමාගම අවධාරණය කරනවා.

