නාමල්ගේ විදුලි බිල ගැන පොහොට්ටුවේ මහ ලේකම් කියන කතාව

නාමල් රාජපක්ෂ මහතාට සමාජයේ කථා බහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමති බවත් මෙම බිදුලි බිල අයකරගැනීමේ උවමනාවකට වඩා රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් ඇති බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥා සාගර කාරියවසම් අද (7) පැවසීය.
එම විදුලි බිල්පත හිගන්නාගේ තුවලය මෙන් පාර පාර සිටීම පිටුපස සැඟවූ කරුණක් ඇතැයි පැහැදිළි බවත් මෙය මීට පෙර ද ඉතිහාසයේ විවිධ පුද්ගලයන් ගෙන හැරදැක්වූ විදුලි බිලක් බවත් කාරියවසම් මහතා කීය.
මෙය විදුලිබ බිල අයකරගැනීමට උත්සහයක් නොවන අතර රාජපක්ෂවරුන්ට මඩ ප්රහාරයක් එල්ල කිරීමේ උත්සහයක කුමන්ත්රණකාරී වැඩපිළිවෙලක් බවත් විදුලිබල මණ්ඩලයෙන් ලිපියට පිළිතුරු ලද වාහාම නීතිය ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.

