පිරමීඩ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම වරදක් බවය.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටීමට මහජනතාවට උපදෙස් ලබා දෙන බවය.
පිරමීඩ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවන් බවට ජනතාව වෙත අනතුරු අඟවමින් මෙම දැන්වීම නිකුත් කර තිබේ.
මේ අතර MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එසේම අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බව මහ බැංකුව පවසයි.

