තුම්මුල්ලේ බිහිසුණු බස් අනතුරක් (Photos)

තුම්මුල්ලේ බිහිසුණු බස් අනතුරක් (Photos)

අද (14) උදෑසන තුම්මුල්ල මංසන්ධිය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, අනතුරින් පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථය සංඥා ලාම්පු නොතකා ඉදිරියට ධාවනය වීම නිසා අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.