ගොයමට ගිනි තැබුවොත් වැඩ වරදී

නියඟය හේතුවෙන් හානි වූ ගොයමට ගිනිතැබූ පුද්ගලයින් හට වන්දි ලබානොදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබේ.
පසුගිය දින කිහිපය තුළ නියඟයෙන් හානි වූ ගොයමට ඇතැම් පුද්ගලයින් ගිනි තබා විරෝධය දක්වන ආකාරය මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.
ඒ හේතුවෙන් එම වගාවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරීමට හැකියාවක් නොමැති බැවින් ඔවුන්ට වන්දි ලබාදිය නොහැකි බව එම මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කර ඇති බවද කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එසේම යම් පුද්ගලයෙකු සිය කුඹුරට ගිනි තබන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

