දෙවන වාරයේ පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

දෙවන වාරයේ පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව නැවත පාසල් ආරම්භ වෙන්නේ අගෝස්තු මස 28 වනදාය.

අගෝස්තු මස 28 වනදා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි