මිනිස් ජාවාරම් මැඬලීමට පියවර

මිනිස් ජාවාරමේදී අවධානමට ලක්වූවන් ගොදුරු කරගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
මිනිස් ජාවාරම පිළිබඳව ප්‍රදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (14) කොළඹ පැවති සැසියක දී ආරක්ෂක ලේකම්වරයා ඒ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2021 – 2025 කාලය සඳහා මිනිස් ජාවාරමට එරෙහිව ජාතික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති බවය.
රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අතර සම්බන්ධීකරණය මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් පූර්ණ ප්‍රතිචාරයක් දැක්වීමට ඉතා වැදගත් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

