චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිඥාවක්

චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිඥාවක්

මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් යී පවසනවා.

කුන්මිංහි 07 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

චීනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ලෙස සහාය දෙන අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් පසු වන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩි දියුණු කිරීමටත් දරිද්‍රතා උගුලෙන් මිදීමටත් කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බවයි ඔහු එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

COMMENTS