ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නෙවෙයි

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නෙවෙයි

මූල්‍ය විනයක් නොතිබූ රටක් මේ වන විට මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එමෙන්ම ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නොවන බවයි අද (18) ගාල්ල තලාපිටිය මුස්ලිම් පල්ලියේදී පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ හොරකම් කිරීමට නොහැකි වන පරිදි දූෂණ විරෝධී පනත ගෙන ඒම සඳහා නීති ශක්තිමත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක මැතිවරණය සහ දේශපාලනය ගැන නොසිතා රටේ ආර්ථිකය ගැන ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.