කර්මාන්ත පුරයේ ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 7ක් – හෝමාගම පදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

කර්මාන්ත පුරයේ ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 7ක් – හෝමාගම පදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නක් නිවා දැමීමට ගිනි නිවන රථ හතක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව කෝට්ටේ සහ හොරණ, නගර සභා ගිනි නිවන රථ සහ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ කණ්ඩායමක් ද මේ සඳහා යොදවා තිබෙනවා.

එසේම හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහායි.

Update:– හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.

තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් ගින්නට හසුවීමෙන් විනාශවී ඇති බව වාර්තා වෙයි.

COMMENTS