කුකුළු මස් මිල අඩුවෙන ලකුණු

කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම මඟින් මෙසේ මිල අඩු කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වෙන්නේ.
සති දෙකක් ඇතුළත බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතින අතර මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි එම සංගමය පවසන්නේ.

