අද ප්රදේශ රැසකට වතුර කැපෙයි

විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව පෙරවරු 8 සිට හෙට අලුයම දෙක දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්රදේශවලට මෙන්ම, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්රදේශවලටයි.
එමෙන්ම, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්රාදේශීය සභා බලප්රදේශවල සහ රත්මලාන සහ කටුබැද්ද ප්රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා.

