මස් මාංශ අනුභවය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් දැනුම්දීමක්

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ.
මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින්ට දඩ මස් ලෙස අලෙවි කිරීම සිදුකරන බවත් එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

