රටේ පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් – අගමැති

රටේ පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරනවා.
අමාත්‍යාංශ කිහිපයක නියෝජනයක් ඇති ක්‍රියාකාරී කමිටුවක් හරහා කඩිනම් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

