ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක්

ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබෙනවා.
ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ විමර්ශන නිලධාරියෙකු අදාළ කමිටුවට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

