සහල් ප්‍රමාණවත් තරම් තියෙනවා, ආනයනය කරන්නේ නෑ – කෘෂිකර්ම ඇමැති

මහ කන්නය තෙක් ප්‍රමාණවත් තරම් සහල් තොග පවතින බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අමාත්‍යවරයා එලෙස පැවසුවේ, “කෘෂිකාර්මික අංශයේ නවීකරණය සහ එහි අභියෝග” යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සංසදයක් අමතමින්.
පසුගිය යල කන්නයේදී ඉහළ විී අස්වැන්නක් ලැබිම හා මෙවර මහ කන්නයේ වගා කිරීමට ඉලක්ක කළ ඉඩම් ප්‍රමාණය වන හෙක්ටයාර් ලක්ෂ 08 න් හෙක්ටයාර් 06 ලක්ෂ 75 දහසක පමණ වී වගා කර ඇති බැවින් ලබන වසරේදී සහල් හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා පෙන්වා දෙනවා.
ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව සතුව මේ වන විට කන්න තුනක වී අස්වනු ඇති බව වාර්තා වී ඇති නිසා තවදුරටත් සහල් ආනයනය කළ හොත් ගොවි ජනතාවගේ වී අස්වැන්න අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බව ඇමැතිවරයාගේ අදහසයි.

